23rd October 2025
ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කරන ලද ක්ලිෆර්ඩ් කුසලාන මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය 2025 ඔක්තෝබර් මස 15 සිට දින 19 දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20 කින් පිරිමි මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයින් 92 දෙනෙකු සහ කාන්තා මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩිකාවන් 42 දෙනෙකු සහභාගි වූහ. එහිදී යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම විසින් බර පන්ති 10 ක් යටතේ රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් දිනා ගනිමින් ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගතා කුසලානය දිනාගන්නා ලදී.
එම තරඟාවලියේදී, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම ද රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගනිමින් සිය දක්‍ෂතා දැක්වූහ.
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එච්.එස් ප්‍රියදර්ශනී කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීම වෙනුවෙන් තරඟාවලියේ දක්‍ෂතම මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩිකාව ලෙස තේරී පත් විය.
යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලකුඹුර RWP RSP ndu psc ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගි විය.