ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 01 දින අභිමානවත් අයුරින් සැමරීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එහිදී, රෙජිමේන්තු අධිපති විසින් සියලු නිලයන් ඇමතීම සිදුකරන ලදී.

ඉන්පසුව, රෙජිමේන්තු අධිපති රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ගෞරවාචාර දැක්වීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සැමරුම් උත්සව අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. පසුව, එම ජ්‍යෂ්ඨ නිලධාරි විසින් මහඔය ප්‍රදේශයේ කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

එහිදී, එම මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා දායක වූ භඨපිරිස්හි සේවය ඇගයීම වෙනුවෙන් සහතිකපත් සහ කැන්වස් සපත්තු බෙදා දුන් අතර, පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.