රත්නපුර පෞද්ගලික වෙළඳසැලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය

රත්නපුර, කරවිට පාරේ පිහිටි පෞද්ගලික වෙළඳසැලක 2026 මාර්තු මස 30 දින ගින්නක් හටගෙන තිබේ. එම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්, රත්නපුර පොලිසිය, රත්නපුර ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සාමූහික මෙහෙයුමකින් පසුව ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි විය.