ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක තරඟාවලිය - 2025 හිදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා මුෂ්ඨී ප්‍රහාරක සංගමය විසින් සංවිධානය කරන ලද ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක රඟාවලිය 2025 ජූලි මස 20, 21, 22 සහ 23 යන දින වල කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 25 ක් නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයන් 92 ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 42 ක් සහභාගී වූහ. යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම බර පන්ති 10 කින් රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය ලබා ගත් අතර, යුද්ධ හමුදා රතු කණ්ඩායම රන් පදක්කම් 01 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය ලබා ගත්හ.ඒ අනුව, පිරිමි කණ්ඩායම විසින් සාමූහිකව රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් ලබා ගනිමින් හමුදාවට මහත් කීර්තියක් අත්කර දෙන ලදී.

ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම තරඟාවලියේදී දස්කම් දක්වමින්, රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගත් අතර, 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එම්.ටී දසුනිකා කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තියෙන් තරඟ කරමින් හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගත්තාය.

යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ජේ. එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායම විසින් මෙම විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා ලදී.