2026-04-21

ජපානයේ පැවති දෘශ්‍යාබාධිත මැරතන් තරඟයෙන් මෙරට රණවිරුවෙකු විශිෂ්ට දස්කම් දක්වයි

2026 අප්‍රේල් මස 19 වන දින ජපානයේ, කසුමිගෞරා හි පැවති දෘශ්‍යාබාධිත මැරතන් තරඟයේදී පැය 5 යි මිනිත්තු 37 යි තත්පර 37 කින් එම තරඟය නිම කරමින් ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස 12 වන ස්ථානය හිමිකර ගත්තේය.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ක්‍රියාන්විත මෙහෙයුම්හි යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබීමෙන් එම රණවිරුවාගේ දෑස් පෙනීම අහිමි විය. ඔහු දැනට අභිමංසල 2 සුවතා නිකේතනයෙහි නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.