15th August 2025
ගජබා රෙජිමේන්තුවෙහි නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 33 වන ගුණානුස්මරණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 8 දින පවත්වනු ලැබීය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් රෙජිමේන්තු අධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් විසින් කිරිබත්ගොඩ පිහිටි එතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වා තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශිෂ්ට සේවය සහ කැපකිරීම සිහිපත් කරන ලදී.
උත්සවයට සමගාමීව දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ආශිර්වාද පතා රුවන්වැලි මහා සෑය, කැලණිය රජමහා විහාරය සහ පනාගොඩ බෝධිරාජාරාමය යන ආගමික ස්ථානවලදී ආගමික වතාවත් පවත්වනු ලැබීය. තවද, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සාලියපුර ළමා නිවාසයක නේවාසිකව සිටින දරුවන්ට සහ එහි කාර්ය මණ්ඩලය සඳහා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
එසේම, ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තම ජීවිතය කැපකරමින් දිරිමත් නායකත්වයක් ලබාදුන් එම නායකයාට උපහාර දැක්වීමේ සැමරුම් උත්සවයේ කටයුතු අවසන් කරමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත එතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.