ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 27 දින පවත්වන ලදී.

ප්‍රධාන දොරටුව වෙත පැමිණි සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර දැක්විය. පසුව 8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

පසුව, සේනාංකාධිපති සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.