2026-05-05

ධූරයෙන් නික්ම යන 1 වන බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි 03 දින එම බලකායේ භටපිරිස් විසින් පවත්වනු ලැබීය.

හමුදා සම්ප්‍රදායානුකූලව, ධූරයෙන් නික්ම යන බලකාධිපතිගේ පැමිණීම සනිටුහන් කරමින් 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවය පිරිනමන ලදී.

එම දිනය සනිටුහන් කරමින්, නික්ම යන බලකාධිපති හට සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සඳහා ආරාධනා ලැබීය. අනතුරුව සියලු නිලයන් ඇමතූ බලකාධිපති තම ධුර කාලය තුළ සියලු නිලධාරීන් සහ සෙසු නිලයන් පෙන්නුම් කළ කැපවීම සහ උනන්දුව අගය කළේය.

එදින වැඩසටහන් මාලාව අවසානයේ පැවැති සියලු නිල තේ පැන් සංග්‍රහයේදී නික්ම යන බලකාධිපති සමඟ සුහද අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් හිමි විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.