2026-05-01

අභාවප්‍රාප්ත කොමිෂන් නොලත් නිලධාරී වෙත යුද්ධ හමුදාවේ ගෞරවාචාරය

2026 අප්‍රේල් මස 20 වන දින මුරිකන්ඩි ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුරකින් බරපතල තුවාල ලබා අභාවප්‍රාප්ත වූ 12 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඒ.පී. මරියලූජිසන් ගේ අවසන් කටයුතු 2026 මැයි මස 01 වන දින කිලිනොච්චි, අයියකච්චි, සාවස්ති පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරන ලදී.

එම අනතුරෙන් පසු, ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ලාන්ස් කෝප්‍රල් ඒ.පී. මරියලූජිසන් 2014 ජුනි මස 01 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් විය.

අභාවප්‍රාප්ත එම කොමිෂන් නොලත් නිලධාරී වෙත අවසන් ගෞරවය දැක්වීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඥාතීන් පැමිණ සිටියහ.