28th September 2025
76 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අනුරාධපුරයේ පිහිටි පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භූමියේ සංවර්ධන කටයුතු මාලාවක් සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතිවලට සමගාමීව, 2025 සැප්තැම්බර් මස 26 දින ජය ශ්‍රී මහා බෝධිය අභියසදී ධජ ආශිර්වාද උත්සවය පැවැත්විණි. අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි, යුද්ධ හමුදාව විසින් මැද මළුවේ ගල් ඇල්ලීම සහ සන්නිපාත ශාලාවේ තීන්ත ආලේප කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මෙම කටයුතු ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මෙහෙයවීම සහ 21 වන පාබල සේනාංකයේ සමීප අධීක්ෂණය යටතේ මෙම සංවර්ධන කටයුතු නිම කරන ලදී.
මෙම සංවර්ධන ව්‍යාපෘති 212 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සහ 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2 ඉංජිනේරු සේවා බළකායේ වෘත්තීය දැනුම උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.