2026-05-06

57 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

57 පාබල සේනාංකයේ 20 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.එස්. ප්‍රසාද් RWP RSP USP 2026 මැයි 04 දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ, අභිනවයෙන් පත් වූ බලසේනාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී නව සේනාංකාධිපති වෙත 9 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, සියලු නිලධාරීන් සහ සෙසු නිලයන් ආමන්ත්‍රණය කරමින්, සිය අනාගත දැක්ම සහ අපේක්ෂාවන් පිළිබඳව එහිදී කරුණු පැහැදිලි කළේය.

ඉන් අනතුරුව, සියලු නිලයන් තේ පැන් සංග්‍රහයකින් දිනයේ වැඩකටයුතු අවසන් විය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.