13th September 2025
54 පාබල සේනාංකයේ 15 වන සංවත්සරය 2025 සැප්තැම්බර් මස 10 දින එම මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරන ලදී.
සැමරුම් උත්සවයට සමගාමීව එම සේනාංකය යටතේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ආශීර්වාද පතා 2025 සැප්තැම්බර් මස 05 දින මන්නාරමේ පිහිටි තිරුකේතීස්වරම් කෝවිලේදී මෙන්ම ඉස්ලාම් පල්ලියේදී සහ ක්‍රිස්තියානි පල්ලියේදී ආගමික වතාවත් පවත්වන ලදී.
එසේම 2025 සැප්තැම්බර් මස 07 දින තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වූ උවැසි උවසියන් වෙනුවෙන් දානය පිරිනමන ලද අතර, එදින විහාරස්ථාන පරිශ්‍රයේ කිරිබත් දන්සලක් ද පවත්වනු ලැබීය.
සංවත්සර දිනට සමගාමීව පත්වන ලද ආගමික වතාවත් අවසන් කරමින් ‘මනු වෙහෙර’ විහාරස්ථාන පරිශ්‍රයේ දී බෝධි පූජා පිංකමක් පවත්වන ලදී.
ආගමික වතාවත්වලින් අනතුරුව, 2025 අගෝස්තු මස 26 දින සිට සැප්තැම්බර් මස 08 දින දක්වා ක්‍රීඩා තරඟාවලියක් ද පවත්වන ලදී.
සංවත්සර උත්සවය පැවති 2025 සැප්තැම්බර් මස 10 දින, එම සේනාංකයේ භටපිරිස් විසින් සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, සේනාංකාධිපති විසින් භටපිරිස් ඇමතීම සිදුකරන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සන්ධ්‍යාවේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීය. මෙම උත්සව අවස්ථාවන් සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.