24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

24 පාබල සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc 2025 අගෝස්තු මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබී‍ය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපතිව එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති විසින් පිළිගත් අතර, පසුව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයයේ සහ කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

පසුව, නව සේනාංකාධිපති එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනී සීටිමෙන් පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කල නව සේනාංකාධිපති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.