16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයන් සඳහා සහභාගි වෙයි

16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය යටතේ සාමසාධක රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2025 ජූලි මස 16 සහ 17 දෙදින තුළ මුර සංචාර, තුවාලකරුවන් ඉවත් කිරීමේ අභ්‍යාස සහ සංචරන අභ්‍යාසයන්හි නිරතවිය. ඒ අනුව, ඉන්දුනීසියානු හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම සහ මැලේසියානු බලඇණිය සමඟ ඒකාබද්ධව වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සැඟවීම සහ තුවාලකරුවන් ඉවත් කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදුකරන ලදී.

නිලධාරින් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් සන්නද්ධ පිරිස් ප්‍රවාහන නෞකා දෙකක් ද සමඟින් මෙම අභ්‍යාසයට සහභාගි වූහ.