යලි ගොඩනැගීමේ කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් සහාය ලබාදෙයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 242 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි සිදුවූ දූවේ වැවේ පැති බැම්ම ප්‍රතිසංස්කරණ කටයුතු 2026 ජනවාරි මස 07 වන දින සිදුකරන ලදී.


මෑතකදී රට තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් හානි සිදු වූ ඓතිහාසික ඇලහැර අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාව, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන ලද අතර, ප්‍රතිසංස්කරණය කරන ලද එම අමුණ 2025 දෙසැම්බර් මස 30 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.


දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑම හේතුවෙන් මෙරට ඇති වූ ගංවතුර, නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සිදු වූ හානි නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය කටයුතු කර ඇත. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ අධීක්‍ෂණය යටතේ 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ ඉන්දීය යුද්ධ හමුදාවේ 19 වන ඉංජිනේරු රෙජිමේන්තුව එක්ව මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කරන ලදී.