යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව, සියලු නිල නිවාඩු නිකේතනය විවෘත කරයි

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද සියලු නිල නිවාඩු නිකේතනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින විවෘත කරන ලදී.

උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc විසින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා වඩාත් සුවපහසු නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් මෙම නිවාඩු නිකේතනය ඉදිකරන ලදී. විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.