17th September 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc lsc, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.