යුද්ධ හමුදාධිපතිතුමන් කාදිනල් හිමිපාණන්ගෙන් ආශීර්වාද ලබාගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් 2025 ජනවාරි මස 11 දින කොළඹ අගරදගුරු මැදුරේදී, බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ භාර්යාව වන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ද එක් වූවාය.

එහිදී උන් වහන්සේ, යුද්ධ හමුදාධිපතිතුමන්ට සුබ පැතුම් එක් කළ අතර, විශේෂයෙන් රටේ අභියෝගාත්මක කාලයන්හිදී රටේ ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කැපවීම සහ දායකත්වය ඇඟයීමට ලක්කළේය.

මෙම හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ ඉදිරි දියුණුව සඳහා ඔහුගේ දැක්ම සහ අභිලාෂයන් පෙන්වා දුන් අතර, ඉදිරියේ දී යුද්ධ හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට සහ ප්‍රජාව සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.

සංචාරය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.