5th March 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේදී පවත්වනු ලැබූ සිව්වන වන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 26 වන දින පැවැත්වීය.
විද්‍යා පීඨ පරිශ්‍රය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.
ඉන්පසුව, මාණ්ඩලික ප්‍රධාන සිනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී නිලධාරීන් අමතමින්, නායකත්වය, අඛණ්ඩතාව, වෘත්තීයභාවය සහ නවීන යුද මෙහෙයුම්වලදී යුද උපක්‍රම මැනවින් ප්‍රගුණ කිරීමේ වැදගත්කම පිළිබඳව දේශනයක් සිදුකරමින් අනාගත හමුදා නායකයින්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන් දිරිමත් කළේය. පසුව එම විද්‍යා පීඨ පුස්තකාලය වෙත වටිනා පොත් එකතුවක් ද පරිත්‍යාග කරනු ලැබීය.
ඉන්පසුව, කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම පැවැත්වුණි. එහිදී යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් සියලු දෙනා උණුසුම් ලෙස පිළිගත් අතර, විද්‍යායතනයේ මෑතකාලීන දියුණුව සහ අනාගත ඉලක්ක පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc, අධ්‍යක්‍ෂ ජෙනරාල් පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී. ප්‍රේමතිලක USP psc, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්.ටී. බණ්ඩාර USP AUSWC psc, පුහුණු අධ්‍යක්‍ෂ නියෝජනය කරමින් කර්නල් පුහුණු කර්නල් ඩබ්ලිව්.එච්.එම්.සී.කේ විජේකෝන් WWV RWP RSP USP idu psc, අයවැය සහ මුදල් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එ්.පී.ඒ.ඩී.ඩී. ධර්මකීර්ති RWP RSP USP psc ptsc සහ කෙඩෙට් නිලධාරී පුහුණු අංශයේ අණදෙන නිලධාරී කර්නල් K.S. මද්දුමගේ RSP USP USACGSC Isc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත මෙම මණ්ඩලය විසින් පුහුණු ක්‍රමවේද සහ විෂයමාලා සංවර්ධනය පිළිබඳ පුළුල් හා ඉදිරි දැක්ම පිළිබඳව වූ සාකච්ඡාවන්හි නිරත වූහ. එහිදී සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි, පිරිස් පරිපාලන කටයුතු මෙන්ම භටකාර්ය සම්පාදන සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සඳහා සංශෝධන යෝජනා කරන ලදී.
මෙම සාකච්ඡාවන් මඟින් වෘත්තීයමය අදහස් සහ උපායමාර්ගික දැනුම හුවමාරු කර ගනිමින් ආයතනයේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික තීරණ සහ නිර්දේශ රැසකට එළඹීමට හැකි වීමයි.
යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන දැක්වූ දායකත්වය අගය කරමින් නිලධාරි නිවස්නයේදී සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.