4th April 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 145 වන සංවත්සරය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟ පෙන්වීම යටතේ 2026 අප්‍රේල් මස 2 වන දින පවත්වනු ලැබීය.
සංවත්සර උත්සවයට සමගාමීව, 2026 මාර්තු මස 29 වන දින සඳ සෙවන වැඩිහිටි නිවාසයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. එමෙන්ම, 2026 අප්‍රේල් මස 1 වන දින බෝධි පූජා පිංකමක් පවත්වනු ලැබීය. ඉන් පසුව අප්‍රේල් මස 02 වන දින සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.