2026-04-13
යුද්ධ හමුදා බුද්ධි බලකායේ තොරතුරකට අනුව රුපියල් මිලියන 4.5ක් වටිනා ගංජා හේනක් වටලයි
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත පදනම්ව, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් හා එක්ව 2026 අප්‍රේල් මස 11 දින ඒකාබද්ධ වැටලීමක් සිදු කරන ලදී.
උඩවලව රක්ෂිතය තුළ සිදු කරන ලද මෙම මෙහෙයුමේදී, අක්කර තුනක පමණ වපසරියක පැතිරුණු මහා පරිමාණ ගංජා වගා බිමක් සොයා ගැනීමට හැකි විය.
මෙම වැටලීමේදී අඩි තුනක් පමණ උසැති ගංජා ගස් 155,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවායේ දළ වටිනාකම රුපියල් මිලියන 4.5ක් පමණ වන බව ගණන් බලා ඇත.