15th August 2025
ඉන්දීය නිදහස් දිනයට සමගාමීව 1987 - 1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කළ ඉන්දීය සාම සාධක හමුදාවේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම වෙනුවෙන් 2025 අගෝස්තු මස 15 දින පලාලි පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියසදී වැඩසටහනක් පවත්වන ලදී.
යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි මහතා සහ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc රණවිරු ස්මාරකය අභියසදී ඉන්දීය සාම සාධක හමුදාවේ දිවංගත රණවිරුවන්හට පුෂ්පෝපහාර දැක්වීය.
මෙම අවස්ථාවට යාපනයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරින්, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.