31st May 2025
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු විමසීම වෙනුවෙන් 2025 මැයි මස 26 දින සිට දිවයින පුරා සෑම යුද්ධ හමුදා කඳවුරක් තුළම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලැබීය.
භූගෝලීය වශයෙන් දුරස්ථභාවය හේතුවෙන් විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් තම රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ඒකකයන් වෙත පැමිණීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුමක් වශයෙන් මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී. මෙම මධ්‍යස්ථාන තුළින් වැටුප් විෂමතාවයන්, සෞඛ්‍ය කටයුතු සහ අනෙකුත් සුභසාධන කටයුතු පිළිබඳව විමසා බැලීමට සහ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ වනවිට එම මධ්‍යස්ථාන වෙත පැමිණෙන විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් අදාළ බලධාරීන් වෙත යොමුකරන ලදී.