විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජූලි මස 28 දින පැවැත්වීය.

එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂණ ස්මාරකයන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.