විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 සැප්තැම්බර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

1990 සැප්තැම්බර් මස 07 දින පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 2 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2025 ඔක්තෝබර් 07 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති යන තනතුරු හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 21 පාබල බලසේනා මූලස්ථානයේ ඛණ්ඩභාර නිලධාරි, සටන් පුහුණු පාසලේ ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි III, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරි II (භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම්), 3 වන කාර්ය සාධක බලකායේ මාණ්ඩලික නිලධාරි II (පාලන), සමස්ත මෙහෙයුම් ආඥාපති මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන හා භඨකාර්ය සම්පාදන), 11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි I (පාලන හා භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන හා භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන), 55 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන), ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද කර්නල් (ඉදිරි නඩත්තු පෙදෙස), ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා වාර්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා දිවිය තුළදී මෝටර් රථ ප්‍රවාහන නිලධාරින්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, සන්නද්ධ හමුදා (සන්නද්ධ ගැටුම් නීතිය) පිළිබඳ උසස් උපදේශක පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පිළිබඳ පුනරීක්‍ෂණ පාඨමාලාව, පුහුණුවලත් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උපදේශකයින් සඳහා වන පුහුණු මාර්ගෝපදේශ පාඨමාලාව, ජාතික හමුදා නීතිය බලාත්මක කිරීමේ පාඨමාලාව, මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව සහ කඳු නැගීමේ පුහුණු පාඨමාලාව පාකිස්ථානය වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරන ලදී.