විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සී.එස්. තිබ්බොටුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මාර්තු මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:

1991 නොවැම්බර් මස 22 කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක KDA 09 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් සී.එස්. තිබ්බොටුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රත්මලාන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2026 මාර්තු මස 22 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි,10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ (පසු මූලය).නිලධාරී අණදෙන,10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරි,10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ප්‍රවාහන අංශ භාර නිලධාරි,10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන වැනි ධූරයන් හොබවන ලදී.

තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී,11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 3, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ තැම්පතු සාමාජික අංශයේ අංශ භාර නිලධාරි, 3 රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික නිලධාරී 2, යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 2, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 2 (නීති), විධායක අධිකාරි (නීති), රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව,112 පාබල බලසේනාවේ බලසේනා මේජර් වැනි ධූරයන් ද හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහි‍ර මාණ්ඩලික නිලධාරී 1, උපකරණ මාස්ටර් ජෙනරාල් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී 1, 21 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 ( පාලන සහ භඨකාර්ය සම්පාදක), යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය (ලායා හෝටල් සමුහය) ප්‍රධාන මානව සම්පත් නිලධාරි, රණවිරු ඇපරල් අලව්ව කර්මාන්තශාලා කළමනාකරු (කර්මාන්තශාලා අංක 02), යුද්ධ හමුදා පුණුරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් (සුභසාධක), ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, අභිමන්සල 3 සේනාවිධායක, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, ප්‍රවාහන අංශ භාර නිලධාරි පාඨමාලාව,ඒකක බුද්ධි නිලධාරි පාඨමාලාව වැනි පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරි තරුණ නිලධාරි පාඨමාලාව - චීනය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලාව - බංගලාදේශය ඇතුළු විදේශීය පාඨමාලා කිහිපයකටද සහභාගී වී ඇත.

හමුදා සුදුසුකම් වලට අමතරව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කලා උපාධිය (ආරක්ෂක අධ්‍යයනය), ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය විසින් නිකුත් කරන ලද ඇඟලුම් නිෂ්පාදන කළමනාකරණ සහතිකයක් ලබා ඇත.