විශේෂ බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

විශේෂ බලකායේ භටපිරිස් විසින් අලදෙණිය ප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 18 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.

මහජන බැංකුවේ අලෙවිකරණ ප්‍රධානී නාලක විජයවර්ධන මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.4 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදෙන ලදී.

මේජර් ජෙනරල් විපුල ඉහළගේ (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය විශේෂ බලකායේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.