ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය 2025 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc හමුවිය.

සංචාරයේ නිරත ස්විට්සර්ලන්ත තානාපතිනිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් පිලිගැනීමෙන් අනතුරුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති, ආරක්‍ෂක සහ පොදු කරුණු පිළිබඳව එතුමියව දැනුවත් කෙරිණි.

මෙම සුහඳ හමුව සමාප්තියේ, සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව ස්විට්සර්ලන්ත තානාපතිනිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එම්.පී.කේ.එල් අමරසිංහ WWV RWP RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි ද සහභාගි විය.