2026-06-05

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

ආගමික ආශිර්වාද මධ්‍යයේ, සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නව ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරීන් සිදුකරනු ලැබූ මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ධූරයේ රාජකාරීන් භාර ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.