13th September 2025
රට වෙනුවෙන් දිවිපිදූ සියළුම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොපි මල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවී පොපි මලක් පළඳවන ලදී.
මෙම වසරේ පොපි මල් සැමරුම් කටයුතු දින කිහිපයකින් ආරම්භ වන බව සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එල්.එම් මුදලිගේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවන ලදී.
පොපි මල් කමිටුවේ පරිපාලන කළමනාකරු බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර් සෙනෙවිරත්න (විශ්‍රාමික), භාණ්ඩාගාරික මේජර් ඩබ්ලිව්.සී. ද සිල්වා (විශ්‍රාමික) ඇතුළු තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්වූහ.
මෙම පොපි මල් දින සැමරුම රාජකාරියේ යෙදී සිටියදී රට වෙනුවෙන් ජීවිත පූජා කළ සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපකිරීම් සිහිපත් කිරීම සඳහා පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් ඇතුළුව ලොව පුරා රටවල් සෑම වසරකම නොවැම්බර් මස දෙවන ඉරු දින සමරනු ලබයි.