ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් මුදල් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

දිට්වා ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙත මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 11 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවති අතර, එහිදී පීඩාවට පත් 25 දෙනෙකු වෙත රුපියල් මිලියන 1.4 ක මුදලක් බෙදා දෙන ලදී.

අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය මහජන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු, ප්‍රධාන යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීම සහ දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය ආදී ආපදා සහන මෙහෙයුම් කටයුතු අගය කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.