2026-05-27

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා කණ්ඩායම ඇගයීමට ලක්කරයි

2025 වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සහන සේවා කටයුතු සඳහා මෙරටට පැමිණි ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා කණ්ඩායම දැක්වූ දායකත්වය අගයමින් 2026 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ඇගයීමේ උත්සවයක් පවත්වන ලදී.

එම කණ්ඩායම යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc විසින් පිළිගනු ලැබීය.

එහිදී, සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා කණ්ඩායමේ අණදෙන නිලධාරී වෙත ඇගයීමේ ලිපියක්ද ප්‍රදානය කරන ලදී.