රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා වූ ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී පවත්වන ලබන අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 224 දෙනෙකු සහභාගි වෙයි.

වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ආරම්භක දේශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් පැවැත්වූ අතර, එහිදී තමන්ගේ රාජකාරි සහ සිවිල් ජීවිතය තුළදී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු ලෙස ජීවත් වීමේදී ආචාර ධර්ම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.