16th September 2025
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ 2025 සැප්තැම්බර් මස 04 දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කළ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර යන කොමිෂන් නොලත් නිලධාරිගේ එම නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ඇඟයීමට ලක්කරන ලදී.
රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබාසිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතු වල යෙදී සිටියදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් තත් කොමිෂන් නොලත් නිලධාරි ලාන්ස් කෝප්‍රල් නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස් කරන ලද අතර, එම නිර්භීත ක්‍රියාව අගය කල යුද්ධ හමුදාධිපතිතුමන් කෝප්‍රල් බණ්ඩාර වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද ප්‍රදානය කළේය.
තවද, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ද කෝප්‍රල් බණ්ඩාරගේ එම නිර්භීත ක්‍රියාව සහ කැපවීම අගය කරමින් මූල්‍යමය පරිත්‍යාගයක් ප්‍රදානය කරන ලදී.