25th February 2026
රාගම, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් 2026 පෙබරවාරි මස 14 වන දින ෂයිනි බණ්ඩාරතිලක මහත්මිය ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
එම රණවිරුවන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එහිදී ඔවුන්ගේ මානසික සුවය වැඩි දියුණු කිරීම සඳහා නාට්‍ය හා සංගීත චිකිත්සාවේ අංග ඇතුළත් කරන ලදී.
එම වැඩසටහන එම රණවිරුවන්ගේ ඒකාකාරී දින චර්යාවෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ මානසික සුවය හා මානසික තෘප්තිය ඉහළ නැංවීමට ධනාත්මක පිටුවහලක් විය.