පාකිස්ථාන සහන සේවා කණ්ඩායමක් දිවයිනට

පාකිස්ථාන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහන සේවා කටයුතු සඳහා 2025 දෙසැම්බර් මස 03 දින USAR සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන මානුෂීය සහන සේවා කණ්ඩායමක්, පාකිස්ථාන K-9 ඒකකයේ විශේෂ පුහුණුව ලත් හමුදා සුනඛයින් සහ සහන සේවා භාණ්ඩ තොගයක් සමඟින් C-130 ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු දෙරටේම සම්භාවනීය අමුත්තන් පිරිසක් පාකිස්ථාන සහන සේවා කණ්ඩායම දිවයිනට පැමිණීමේ අවස්ථාවට එක්විය. එය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගය ඉස්මතුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් එන්.ඒ.එම්.පී. නාගහවත්ත RSP. විසින් කණ්ඩායම පිළිගත් අතර, පාකිස්තානය ලබා සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළේය.