4th September 2025
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සිය 41 වන සංවත්සරය එම පුහුණු මධ්‍යස්ථානයේදී 2025 අගෝස්තු මස 25 දින සමරනු ලැබීය. එදින, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, පසුව සේනාවිධායක වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එදින උත්සවයේ කටයුතු අවසන් කරමින් සංගීත ප්‍රසංගයක් සහ සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.
සංවත්සර දිනයට සමගාමීව, 2025 අගෝස්තු මස 20 දින ක්‍රිකට්, වොලිබෝල්, පැසිපන්දු, එල්ලේ, කඹ ඇදීමේ සහ අවි ආයුධ පරිහරණය යන තරඟ පවත්වන ලදී. ඉන් පසුව, 2025 අගෝස්තු මස 23 දින මින්නේරිය දේවාලයේ පූජාවක් පවත්වා, පසුව නාගලකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් පසුදා උදෑසන මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීය.
උත්සව අවස්ථාවන් සඳහා එම පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.