නල්ලතන්නිය, ලක්‍ෂපාන තේ කර්මාන්ත ශාලාවේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහය

2025 ඔක්තෝබර් මස 09 දින නල්ලතන්නිය ප්‍රදේශයේ ලක්‍ෂපාන තේ කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක් ඇති විය. එම අවස්ථාවේදී 642 පාබල බලසේනාවේ උපදෙස් මත 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගිනි නිවීමේ කටයුතු ආරම්භ කළහ.

පසුව, හැටන් නගර සභාවේ ගිනි නිවන රථයක් සහ ගිනි නිවන කණ්ඩායමක් ද මෙම මෙහෙයුමට එක්වූ අතර, යුද්ධ හමුදා සාමාජිකයන්, කර්මාන්තශාලා සේවකයින් සහ ගිනි නිවන කණ්ඩායම එක්ව ගින්න සාර්ථකව මැඩපවත්වන ලදී.