19th November 2025
ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට 2025 නොවැම්බර් මස 19 දින නාය යෑම හේතුවෙන් දුම්රිය එන්ජිමකට හානි සිදුවී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර, එනිසා එම ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටීමකට ලක්විය.
ඊට ප්‍රතිචාර දක්වමින් 112 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හානියට පත්වූ දුම්රිය මාර්ගයේ සුන්බුන් ඉවත් කරමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන ලදී.