6th December 2025
ඉන්දියානු හමුදා භට පිරිස් 73 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට පැමිණියහ.
එම ඉන්දියානු හමුදාව වෛද්‍ය කණ්ඩායම විසින් මහියංගන ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා 2025 දෙසැම්බර් මස 05 දින සිට එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර රෝහල ස්ථාපිත කරන ලදී.
හදිසි ප්‍රතිචාර පහසුකම් වලින් සමන්විත මෙම ක්ෂේත්‍ර රෝහල මඟින් ආපදා තත්ත්වය හේතුවෙන් තුවාලවූ සහ නොයෙකුත් රෝගාබාධ වලින් පෙළෙන සිවිල් ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර, බාහිර රෝගී සත්කාර සහ සුළු සැත්කම් ඇතුළු වෛද්‍ය සේවාවන් සපයනු ලබයි.