29th June 2025
මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc, අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර, මහ රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදී 2025 ජුනි මස 27 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 ජුනි මස 29 දින සන්ධ්‍යාවේ සිට බොරැල්ල, ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව 2025 ජුනි මස 30 දින සන්ධ්‍යාවේ 03.30 ට බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.