මාතර රාහුල විද්‍යාලයෙන් රුපියල් මිලියන 25 ක සහනාධාර තොගයක් යුද්ධ හමුදාවට

“රහල් සහන සවිය” ව්‍යාපෘතිය යටතේ මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2025 දෙසැම්බර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රුපියල් මිලියන 25 කට අධික වටිනාකමකින් යුත් සහනාධාර තොගයක් පරිත්‍යාග කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ ආපදා සහන සේවා මෙහෙයුම් සඳහා සිය සහයෝගය ලබා දෙන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින්, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසගෙන් මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.