ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc අභාවප්‍රාප්ත වේ

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහෙන්පිට, යුද්ධ හමුදා රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදී 2025 ජුනි මස 13 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එතුමන් 91 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 ජුනි මස 13 දින සන්ධ්‍යාවේ සිට මල්වාන, කළුකොඳයාව, මඩුගහවත්ත, අංක 488/1 දරණ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව 2025 ජුනි මස 15 දින සන්ධ්‍යාවේ 05.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.