27th October 2025
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැනට ප්‍රංශයේ පදිංචිව සිටින ඉනෝෂාන් සුරන් මහතා, ජර්මනිය, තුර්කිය සහ ඉන්දියාව ඇතුළු රටවල් 13ක් ආවරණය කරමින් පැරිසියේ සිට යාපනය දක්වා කිලෝමීටර් 10,000ක පාපැදි ගමනක් සම්පූර්ණ කළේය. 2025 සැප්තැම්බර් මස 1 දින සිය ගවේෂණය ආරම්භ කළ ඔහු 2025 ඔක්තෝබර් මස 23 දින සාර්ථකව යාපනයට පැමිණියේය.
යාපනයේ සංස්කෘතික උරුමය, සංචාරක ව්‍යාපාරය, සංහිඳියාව සහ අන්තර් සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කිරීම, එකමුතුකම සහ සාමය අවධාරණය කිරීම ඔහුගේ මෙම සුවිශේෂී පාපැදි සවාරියේ අරමුණ විය.
ආරක්ෂක සේනා ආඥාපති යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc ගේ අධීක්ෂණය යටතේ, කන්කසන්තුරේ තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදී 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. රිස්වි රාසික් RSP ndu විසින් ඉනෝෂාන් සුරන් මහතාව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඔහුගේ සුවිශේෂී කැපවීම, දරාගැනීම සහ දේශප්‍රේමී භාවයට ගෞරව දැක්වීම සඳහා 51 පාබල සේනාංකයේ භට පිරිස් විසින් මෙම විශේෂ පිළිගැනීමේ උත්සවය සංවිධානය කරන ලදී.