ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරල් ආර්.එස් රාමන් PVSM AVSM YSM සමඟින් බ්‍රිගේඩියර් එස්.එස්. ධලිවාල් SC YSM SM, කර්නල් යෂ් වර්ධන් පටෙල්, කර්නල් අශිෂ් සූඩ්, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඉන්දීය නාවික හමුදාවේ කපිතාන් ආනන්ද් මුකුන්දන්, ලුතිනන් කර්නල් වික්‍රාන්ට් විශ්වස්රාඕ දේශ්මුක් සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත දූත පිරිසක් 2025 සැප්තැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.