හන්තාන කඳුවැටියේ අතරමං වූ කඳු නගින්නන් බේරා ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් වෙයි

හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, 2 (ස්වේච්ඡා) බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 29 දින අලුයම හන්තාන කඳුවැටියේ අතරමං වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමේ කටයුතු සාර්ථකව ආරම්භ කළහ.

111 පාබල බලසේනාවේ උපදෙස් මත එම මෙහෙයුම සඳහා මුදවාගැනීමේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොදවන ලදී.

අභියෝගාත්මක භූමි ප්‍රදේශයන් සහ ඝන වනාන්තරය හරහා ගමන් කිරීමෙන් පසු, භටපිරිස් විසින් අලුයම 2:40 ට පමණ හන්තාන කඳුවැටියේ අතරමං වූ පුද්ගලයන් සොයා ගන්නා ලදී. අනතුරුව ඔවුන් ආරක්‍ෂිතව වනාන්තරයෙන් පිටතට රැගෙන ඒමේ ක්‍රියාවලිය ආරම්භ කළහ.