ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2025 ජුනි මස 26 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ අනුස්මරණය කරමින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව, නව රෙජිමේන්තු අධිපති සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් පසුව එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි විය. අවසානයේ රෙජිමේන්තු අධිපති නිලධාරි නිවස්නයේ නිලධාරින් ඇමතීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.