ධූරයෙන් නික්මයන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්මයන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 20 දින හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ධූර කාලය අවසන් වීම සනිටුහන් කිරීමට පෙර භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකූල කඳවුරු මූරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව, සේනාංකාධිපති විසින් සමුහ ඡායාරූපයකට පෙනී සිටී මෙන් පසුව සියලු නිලයන් අමතමින්, සිය ධුර කාලය තුළ සියලුම නිලයන් විසින් පෙන්නුම් කරන ලද කැපවීම වෙනුවෙන් සේනාකාධිපති සිය කෘතඥතාව පළ කළේය.

ඉන් අනතුරුව ධූරයෙන් නික්ම යන සේනංකාධිපති සියලු නිලයන් සමඟ සුහඳ සාකඡාවක නිරත වීමට අවස්ථාව ලබාදෙමින් සියලු නිල තේ පැන් සංග්‍රහයකින් දිනයේ වැඩ කටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.