2026-05-23

ධූරයෙන් නික්මයන 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිට ගෞරවාචාරය

58 වන පාබල සේනාංකයේ ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc වෙත සමුදීමේ උත්සවයක් 2026 මැයි මස18 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


ධූරයෙන්, නික්ම යන සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා ගෞරවාචාර පිරිනමන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති විසින් භට පිරිස් ඇමතීමෙන් පසු සියලු නිල ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන්පසු, තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.


මෙම අවස්ථාව එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.