ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තැබීම සඳහා ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජූලි මස 30 දින පැවැත්විණි.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිව පිළිගනු ලැබූහ. පසුව, ධූරයෙන් නික්ම යන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කපිතන් සාලිය අලදෙණිය PWV නිලධාරිගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය ඡායාරූපය එම බලසේනා මූලස්ථානයේ නිරාවරණය කිරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. සියලු නිලයන් ආමන්ත්‍රණය කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූර කාලය තුළ සියලුම නිලයන් විසින් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර, එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවීමෙන් පසුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

ඉන් අනතුරුව, සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගි වූහ.